පසුගිය Post එකේදී විස්තර කල ආකාරයට ඔබ විසින් Azure Account එකක් හදාගත්තා නම් ඔබට පහත Link එකෙන් එහි පාලන මුහුණතට (Management Interface) යන්න පුළුවන්. Azure Management Portal Link එවිට පහත පරිදි ඔබට ලබාගන්න පුළුවන් සේවා සමග එම Interface එක දැකගන්න පුලුවන් . පහත දැක්වෙන සේවාවන් එය තුලින ක්‍රියාත්මක කර ගැනීමට පුලුවන්.අපි මේ සේවාවන් එකින් එක ගෙන බලමු මෙවා අතරින් සමහර සේවාවන් නම් තවම අත්හදා බැලීම සඳහා පමනක් PREVIEW ආකාරයට නිකුත් කර තිබෙනවා. නමුත් Microsoft සමාගම මුලදී මෙම PREVIEW ආකාරයට ලබාදුන් සේවා රාශියක්ම මේ වනවිට Public Release කරල තිබෙනවා. එම නිසා දැනට PREVIEW ආකාරයට තිබෙන සේවාවන් ඉක්මනින්ම Public Release වෙයි කියලා බලපොරොත්තු වෙන්න පුලුවන්. Azure Web sites .NET, PHP, Node.js සහ Python යන ඕනෑම Language එකකින් හදපු web එකක් මෙහි Publish කරගන්න පුලුවන්.මේ සදහා Microsoft සමාගම විසින් ලබාදෙන SDK එක භාවිතා කල හැකියි. Virtua...