Skip to main content

Azure පාලන මුහුණතට (Management Interface)

පසුගිය Post  එකේදී විස්තර කල ආකාරයට ඔබ විසින් Azure Account එකක් හදාගත්තා නම් ඔබට පහත Link  එකෙන් එහි පාලන මුහුණතට (Management  Interface) යන්න පුළුවන්.

Azure Management Portal Link  

එවිට පහත පරිදි ඔබට ලබාගන්න පුළුවන් සේවා සමග එම Interface එක දැකගන්න පුලුවන් .



පහත දැක්වෙන සේවාවන් එය තුලින ක්‍රියාත්මක කර ගැනීමට පුලුවන්.අපි මේ සේවාවන්  එකින් එක ගෙන බලමු

මෙවා අතරින් සමහර සේවාවන් නම් තවම අත්හදා බැලීම සඳහා පමනක් PREVIEW ආකාරයට  නිකුත් කර තිබෙනවා.
නමුත් Microsoft සමාගම මුලදී  මෙම PREVIEW  ආකාරයට  ලබාදුන් සේවා රාශියක්ම මේ වනවිට Public Release කරල තිබෙනවා. එම නිසා දැනට PREVIEW   ආකාරයට  තිබෙන සේවාවන් ඉක්මනින්ම Public Release වෙයි කියලා බලපොරොත්තු වෙන්න පුලුවන්.

Azure Web sites
.NET, PHP, Node.js සහ  Python යන ඕනෑම Language  එකකින් හදපු web එකක් මෙහි Publish කරගන්න පුලුවන්.මේ සදහා Microsoft සමාගම විසින් ලබාදෙන SDK එක භාවිතා කල හැකියි.


Virtual machines
IAAS  නැතිනම් Infrastructure  as a Service ( දෘඩාංග පහසුකම් සේවාවක් ලෙස) ලබාගන්න පුළුවන්.මෙහිදී ඇත්තටම අපි Cloud  Server එකක් වෙන්කර ගන්නවා අපට අවශ්‍ය Configurations සමග.මෙහිදී අප විසින් මුදල් ගෙවිය යුත්තේ අප විසින් තොරා  ගන්නා Configurations වලට. එම Virtual Machine එක තුල අවශ්‍ය තරමක් Applications Install කළහැකි වෙනවා.
මෙහි සෑම අංගයක් සඳහාම (No of Cores, RAM,Hard Disk Space,Licenses ආදිය සඳහා ) වෙන් වෙන් වශයෙන්  මුදල් ගෙවිය යුතු වෙනවා.
මෙහි Windows සහ Linux යන දෙවර්ගයෙන්ම Templates අඩංගු වෙනවා.

Mobile Services
Windows Mobile ,IOS  සහ Android Apps සදහා Mobile Services ඉතාමත් පහසුවෙන් සාදා ගැනීමට සහ ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය පහසුකම් මෙහි අඩංගු වෙනවා.

Cloud Services
ඉහල  උපයෝජ්‍යතාවයකින් යුක්ත (High available)  සහ අවශ්‍ය තරම අනුව ප්‍රමාණය වෙනස් කල හැකි (Scalable) Web services(or API) සහ  Applications සදා ගැනීම සදහා මෙය භාවිතා කල හැකි වෙනවා.


SQL Databases
මෙය Microsoft SQL Azure Database සේවාවයි. Microsoft SQL server Database එක සුළු ප්‍රමාණයේ වෙනස්කම් සමගින් Cloud Database Server  එකක පහසුකම් අඩංගු කර තිබෙනවා.

Azure Storage
Windows Azure තුල ඇති Storage සේවාව වේ. ඉතාමත් ලාබදායි ආකාරයට දත්ත ගබඩා කර තැබීමේ පහසුව මෙමගින් ලබා දෙනවා. 512 bit Encryption Level එකක් සමගින් Data Security එක සහතික කර තිබෙනවා

Visual Studio Online
ඔබ දැනටමත් Microsoft Visual Studio Team Foundation (TFS) සේවාව භාවිතා කරනවා නම් එහි online version එක තමා මේ.

අනෙකුත් සේවාවන් පිලිබදව ඊළග ලිපියෙන්  විස්තර කිරීමට බල පොරොත්තු වන අතර මෙම සේවාවන් එකින් එක විස්තර කරමින් ලිපි පෙළක් ඉදිරියේදී බලා  පොරොත්තු වන්න.  

Comments

Popular posts from this blog

Azure Account එකක් හදාගන්නේ කොහොමද

Cloud Computing කියන්නේ අද බොහෝ දෙනා අතර කතා වෙන මාතෘකාවක්. මේ වෙනකොට  Microsoft සහ Amazon කියන්නේ මෙම Cloud සේවා සපයන්නන් අතර  දැවැන්තයන් දෙන්නෙක්.Google සමාගමත් මේ වෙනකොට ඒගොල්ලන්ගේ සේවා ආරම්භ කරලා තියෙනවා. කොහොම නමුත් Microsoft සහ Amazon සමාගම් මේ වෙනකොට තමන්ගේ සේවාවන් වලින් ගොඩාක් ඉදිරියට ගිහින් තියෙනවා. අද ඉඳන් මම ඔයාලට මේ Azure cloud සේවාවේ තියෙන අංග එකින් එක විස්තර කරලා දෙන්නයි යන්නේ.මුලින්ම බලමු කොහොමද අපිට Azure Account  එකක් හදා ගන්නේ කියලා. Azure Account එකක් හදාගන්නේ කොහොමද  Microsoft සමාගම ගොඩාක් options අපිට දීල තියෙනවා තෝරාගන්න. මෙන්න මෙතැනින්  ඔබට පුළුවන් අවශ්‍ය package එකක් තෝරා ගන්න. ඔබට Microsoft Account  එකක් ඕනෑ වෙනවා මේ සඳහා. ඒ වාගේම Free Trial  එකකට Register  වෙන්නත් පුළුවන්. මෙම  Free Trial  එකේදී එක මාසයකට මෙම සේවාව නොමිලේම භාවිතා කරන්න පුළුවන් වෙන්න 200 USD ( ඩොලර් 200ක් )  Credits ඔයාලට ලැබෙනවා. ඇත්තෙන්ම මේ ඩොලර් 200 හොදටම ප්‍රමාණවත් Azure හොදින්ම ඉගෙන ගන්න. මෙන්...